කොහොමද Ads Click කරලා සල්ලි හොයන්නේ ? අලුත් සාමාජිකයින්ට - Internet Money -1 0

EmoneyPTC | 11:39 PM |

මොකක්ද මේ Internet Money කියන්නේ.

Internet Money විදිහට අපිට හදුනගන්න ගොඩක් දේවල් තියනවා. කෙටියෙන් කීවොත් Internet  හරහා අපි මුදල් ඉපයීම මෙලෙස හදුන්වන්න පුළුවන්. Internet තුල මුදල් ඉපයීම් කරන්න ක්‍රම ගනනාවක් තියෙනවා. Paid to click, Article Marketing,  Email Marketing , Google Adwords,  Google Adsense  වැනි ක්‍රම කිපයක් හදුන්වන්න පුළුවන්. මේ අතරින් සරලම සහ පහසුම ඒ වගේම අවම දැණුමකින් කරන්න පුළුවන් එක තමා Ads click කරන  Paid to click ක්‍රමය.


Paid to click ක්‍රමයේදී සිදුවන්නේ කුමක්ද.?


මෙහිදී අප කරන්නේ අපි ලියාපදිංචි වන වෙබ් අඩවි වලින් අපට බලන්න දෙන වෙළද දැන්වීම් නරඹන එකයි. ඒ සදහා ඔවුන් අපට සල්ලි ගෙවනවා. ඒක සිදුවෙන්නේ මෙහෙමයි. විවිද වෙබ් අඩවි වලින් ලබාගන්නා දැන්වීම් මොවුන්ගේ අඩවියේ පල කර  ඔවුන්ගෙන් සලලි ගන්නවා. අපි ඒ දැන්වීම් නැරඹීමෙන් මොවුන් ලබා ගත් මුදලින් ඉතාම පුංචි ප්‍රමාණයක් අපට ලබා දෙනවා. අපට ලබා දෙන මුදල් ප්‍රමාණය එක් එක් වෙබ් අඩවියෙන් අඩවියට වෙනස් වෙනවා.මේ විදිහට අපි ටික දවසක් දැන්වීම් නැරඹිමෙන් පසු එම අඩවියේ අප නමින් ඇති ගිණුම තුල එකතු වෙනවා. මෙවැනි ගිණුම් තුල කෙතරම් මුදල් තිබුණත් එවාගෙන් අපට ප්‍රයෝජන ගන්න බෑ. එහෙනම් අපි මොකද කරන්නේ..?   

සයිට් වල දැන්වීම් නැරඹීමෙන් එකතු වෙන සල්ලි වලට මොකද කරන්නේ.?
ඒ සදහා අපි අන්තර්ජාලය තුල වෙනත් ගිණුම් පවත්වාගෙන යන්න ඕන. ‍ඒ තමා Alertpay, Paypal වැනි ගිණුම්. මේ ගිණුම් තුලට අපි එකතු කරගත් මුදල් දැමීම තුලින් තමා අපට ඒ මුදල් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙන්නේ. මෙම ගිණුම් තුලට මුදල් ගැනීම සදහා නිෂ්චිත මදල් ප්‍රමාණයක් ඔබ දැන්වීම් නරඹන සයිට් වල එකතු කරන්න වෙනවා. $0.01 සිට අඩවියෙන් අඩවියට වෙනස් වෙනවා. සමහර සයිට් වල එක දවසකින් පුළුවන් වුණත් සමහර සයිට් වලින් මාසයක් වගේ කාලයක් යන්නත් පුළුවන්.

Alertpay, Paypal  ගිණුම් වලට මුදල් ගැනීමෙන් පසු?

මේ ගිණුම් තුලට මුදල් ගැනීමෙන් පසු තිසිදු බිය වීමක් අවශ්‍ය වෙන්නේ නෑ. ලංකාවේ නම් දැනට  Paypal  ගිණුම තුල මුදල් ලංකාවට ගෙන්නන්න බැරි ගැටළුවක් තියනවා. නමුත් මේ ගිණුමේ ඇති මුදල් වලින්  eBay වැනි ගෙවීම් කරලා භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව තියනවා. Alertpay  ගිණුමේ ඇති මුදල් $ 20 ක් වුණාම ඔබට චෙක් පතක් මගින් ගෙන්වා ගන්න පුළුවන්.

Ads click කරන  Paid to click ක්‍රමය සදහා අවශ්‍ය කරන්නේ මොනවාද?


01. සාමාන්‍ය පරිගණකයක් 
02. Internet සම්බන්ධතාවයක් ( ඔබ පමණක් පාවිච්චි කරන හෝ වෙනත් අයකු මෙම කාර්යය සදහා මෙම සම්බනධතාවය පාවිච්චි නොකරන එකක්)
03. සාමාන්‍ය පරිගණක දැණුම
                            මෙම අවශ්‍යතා ඔබ තුල ඇති නම් අපට වැඩේ පටන් ගන්න පුළුවන්.


අනෙක් කාරනය තමා Internet Money  කියන එක CD සහ Class වලින් සල්ලි වලට ඉගෙන ගන්න තියනවනේ. එයාලා කියන විදිහට නම් මේක ගෙදර නිකන් ඉදන් සල්ලි හොයන්න පුළුවන් වැඩක් විදිහිට. ඇත්තටම මේකෙන් නිකන් ඉදලානම් සල්ලි හොයන්න බෑ.  නමුත් මහන්සි නොවි දවසේ පහසු වෙලාවක පැය කීපයක් වැය කරලා නිදහසේ කරගෙන යන්න පුළුවන් අමතර ආදායමක් ලැබෙන විදිහට. 
මේක ඔබේ සම්පූර්ණ ආදායම් මාර්ගය කරගන්න ඕන නම් වැඩි සයිට් ප්‍රමාණයක වැඩි කාලයක් වැය කරන්න වෙනවා. නමුත් මගේ අදහස නම් මේක අමතර ආදායමක් කරගෙන තමන්ගේ හැකියාවට මුල්තැන දෙන ජොබ් එකක් කරන එක හොදයි කියලයි...


 එහෙනම් ඊ ලග පෝස්ට් එකට යමු..........

0 Responses So Far: